නේපාලයේ සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ඉන්දියාව මිනිත්තුවකට ලීටර් 960ක ධාරිතාවකින් යුතු ඔක්සිජන් යන්ත්‍රයක් එරට බී.පී.කොයිරාල සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙමගින් එක් රෝගියකුට මිනිත්තුවකට ලීටර් 5ක ධාරිතාවකියන් යුතු ඔක්සිජන් ප්‍රමාණයක් සැපයීමට හැකියාව ඇති අතර, එකවර රෝගීන් 200කට ඔක්සිජන් සැපයීමේ හැකියාව ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කළේය.
කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින නේපාලයට මෙවැනි පරිත්‍යාගයක් ලැබී ඇත්තේ පළමුවරට බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ වන විට නේපාලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා ඇති අතර, මරණ ගණන දසදහස ඉක්මවා තිබේ. තවත් ආසාදිතයන් 35,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ගනිමින් සිටී. පෙරේදා දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයන් 1,648ක් සහ මරණ 20ක් වාර්තා විය. පසුගිය මැයි මාසයේදී එරටින් කොවිඩ් ආසාදිතයන්ගේ දෛනික වාර්තාව දසදහසකට ආසන්න වූ අතර, මේ වනවිට එම තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ද වාර්තා වේ.