ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් පිතිකරු බවට පත් වීමට එංගලන්ත නායක ජෝ රූට් සමත් වෙයි.
අයිසීසීය නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමි කර ගැනීමට රූට් සමත් වීමත් සමඟ ඒ වන තෙක් පළමු ස්ථානයේ සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් දෙවැනි ස්ථානය දක්වා පහතට වැටිණි.
සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ නිමා වූ තරග තුනේදී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඔහුට හැකි විය.
එම තරග තුනේදී ශතක 3ක් රැස් කළ ඔහු ඉනිම 5කදී ලකුණු 507ක් රැස් කර ඇත්තේ 126.75ක සාමාන්‍යයක් සටහන් කරමිනි. විලියම්සන්ට ශ්‍රේණිගත ලකුණු 901ක් හිමිව ඇති අතර, මේ දස්කම් සමඟ රූට්ට හිමි වූ ලකුණු සංඛ්‍යාව 916කි.
මේ අතර, තම කණ්ඩායමේ නායකයා 6 වැනි තැනට ඇද දමමින් 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සමත්ව සිටී. ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් 12 වැනි ස්ථානය දක්වා පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 11 වැනි ස්ථානය දක්වා ඉහළට ගොස් තිබේ.