30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබනික පොහොර භාවිත කිරීමට ආණ්ඩුව ගත් තීන්දුව ආපස්සට හරවන්නේ නෑ

කාබනික පොහොර භාවිත කිරීමට ආණ්ඩුව ගත් තීන්දුව ආපස්සට හරවන්නේ නෑ

අැමැති මහින්දානන්ද අලුත්ගමගේ

කාබනික පොහොර භාවිත කිරීමට ආණ්ඩුව ගත් තීන්දුව දේශපාලන තීන්දුවක් නොවන බවත් එම තීරණය කිසිසේත් ආ පස්සට හරවන්නේ නැති බව කෘෂිකර්ම අැමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ. සී. අලවතුවල මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක දී රසායනික් පොහොර ගෙන්වීමට කටයුතු කරන බව කියමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදි අැමැතිවරයා මෙසේද පැවසීය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරන ලද වාර්තා දෙකක මේ බව සඳහන් වෙනවා. කෘෂිකාර්මික ප්‍රදේශවල සිටින ජනතාවගෙන් සියයට 20ක් පමණ වකුගඩු පිළිකා ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පීඩා විදිනවා.

මේ තීරණය කිසිසේත් ආ පස්සට හරවන්න අපි සූදානම් නැහැ. එක්සත් ජාතික පක්සයට සමගි ජනබලවේගයට රසායනික් පොහොර ගෙන්වන්න වෙන්නේ ඒ අයගේ ආණ්ඩුවක් ආවොත් විතරයි. මේ වනවිටත් ගොවියන් මේ තත්ත්වය අවබෝධ කර ගෙන කාබනික පොහොර නිෂ්පාදනයට ඉතා නිහතමානිව යොමු වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශ වල ඒ අය නිෂ්පාදනය කළ වැඩි කාබනික පොහොර බෙදා ගැනීම් පවා සිදු කර තිබෙනවා. අපි මේ තීන්දුව ගත්තේ මේ රටේ නීරෝගිමත් ජනතාවක් බිහි කරලීමේ අරමුණින්. එය කිසිසේත් දේශපාලනික තීරණයක් නොවෙයි. පසුගිය කාලය පුරාම ගෙනා රසායනික් පොහෙර කිසිවක් පරීක්ෂා කර බලලා හෝ නොවෙයි බෙදා හැර තිබෙන්නේ . රසායනාගාර වාර්තා පවා වෙනස් කර තිබෙනවා. ගොවියන්ට දී තිබෙන්නේ වහයි. රටේ ජනතාව ආහාර ලෙස ලබා ගෙන තිබෙන්නේ වස මිශ්‍ර ආහාරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකශනයේ දක්වා තිබෙන එක් ප්‍රතිපත්තියක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ”

සුභාෂිණී සේනානායක