31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනි කිලෝවක් රුපියල් 85කට දෙන්න පුළුවන්

සිනි කිලෝවක් රුපියල් 85කට දෙන්න පුළුවන්

පා.ම.විජිත හේරත්

ලෝක වෙළෙඳ පොළේ සීනි මිල අසීමිත ලෙස වැඩි නොවු නිසා රුපියල් 85කට සීනි කිලෝ එකක් දිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ඊයේ (3) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

තවදුරටත් ඒ මහතා මෙසේ කියා සිටියේය.

“ඒ සියල්ල තිබියදී ආණ්ඩුව මේ වන විට කරනු ලබන්නේ සන්දර්ශන පැවැත්වීමයි.

කොරෝනා වසංගතය මැද්දේ බඩු මිල වේගයෙන් ඉහළ යනවා. ඒ අතරේ ආණ්ඩුව 2 වැනිදා රාත්‍රියේ සීනි සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කළා. සීනි, සහල් සහ වී සම්බන්ධයෙන් පසුගිය සතියේ සිට ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ වැරැද්දෙන් කොරෝනා වර්ධනය වන තත්ත්වයක් තුළ දැන් බඩු මිලෙනුත් බැට කනවා. පසුගිය ඔක්තෝබර් 13 වැනිදා සීනිවලට තිබුණු බද්ද රුපියල් 50 ඉඳලා ශත 25 දක්වා අඩු කළා. රුයියල් 50 බද්දක් ගැහුවෙත් මේ ආණ්ඩුවමයි. ඒ බද්ද පනවමින් කිව්වේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න, ආනයනය සීමා කිරීම වෙනුවෙන් මේ බද්ද වැඩි කළ බවයි. නමුත් එකවරම ශත 25 දක්වා බද්ද අඩුකර ඒ වෙන කොටත් ලංකාවට ගෙනා සීනි මෙ.ටො. 90,000කට ආසන්න සීනි තොගයට තමයි මුලින්ම ශත 25 බද්ද පැනවුණේ. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වුණා.”

නදී මාණික්කගේ