හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
කොරෝනා වසංගතයට වසර දෙක සම්පූර්ණ වන විට ආණ්ඩුව රාජ්‍ය දේපොළ විකිණීමට පටන් ගෙන ඇති අතර ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ද අද උදා වී තිබෙන බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසිය.
හ් මහතා මේ බව පැවසුවේ යාපනයේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
“කොරෝනා වසංගතයේ හතර වැනි රැල්ලක් නිර්මාණය වන බවට ලකුණු පහළ වෙමින් පවතිනවා. එය එසේ වුවහොත් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් විශාල අගාධයකට ඇද වැටී තිබෙනවා.
ශ්‍රී ලංකාව විදේශ රටවලින් අධික ලෙස ණය ලබා ගත් නිසා රටේ බොහෝ සම්පත් විකුණා දැමිමට සිදුව තිබෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වැනි ඉදිකිරීම් නිසා ණය බර වැඩිවීම හා දේපොළ විකිණීමට සිදුව තිබෙනවා.
රජයේ මෙම අදූරදර්ශි ක්‍රියා පිළිවෙත නිසා ජනතාවට විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. එදිනෙදා ජීවන බර දැරිය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.
දරුවන්ට කිරිපිටි පැකැට්ටුවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා. රටේ ඩොලර් සංචිතයේ දුර්වලකම හේතුවෙන් තවත් ආර්ථික ප්‍රශ්න රාශියක් ඉදිරි කාලයේදී පැන නැගීමට පුළුවන්.
මේ අතරවාරයේ කොරෝනා හතර වැනි රැල්ල පැමිණියහොත් ආණ්ඩුවට මහජනතාව සම්බන්ධයෙන් ගැනීමට ඇති තීන්දු තීරණ ඉතා අඩුයි. ජනතාව තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට උත්සහ කළ යුතුයි.”
උතුරු පළාත් විශේෂ