31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්තවාදි සංවිධානයක් තලෙයිබාන් රජයට එක් වෙයි

ත්‍රස්තවාදි සංවිධානයක් තලෙයිබාන් රජයට එක් වෙයි

ඇෆ්ගනිස්තානයේ බලය අත්කරගත් තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස කටයුතු කරන ‘හකානි ජාලය‘ වසර 2012දී අමෙරිකාව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ සංවිධානයක් බව වාර්තා වේ.

එම සංවිධානය ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවීම සඳහා තලෙයිබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, රජයේ රැකියා අවස්ථා, වෘත්තිකයන්ගේ තොරතුරු දත්ත මෙන්ම ආරක්ෂාව ද හකානි සංවිධානය යටතේ අධීක්ෂණය කිරීමට අවධානය යොමුවී ඇති බවත් විදෙස් පුවත් සඳහන් කළේය. පාකිස්තානයේ ආරක්ෂාව ලැබූ හකානි ජාලය අමෙරිකාව විසින් ත්‍රස්තවාදී සංවිධානයක් බවට ලැයිස්තුගත කිරීමෙන් පසු එහි ප්‍රධානී කලීල් හකානි වැඩි කතාබහට ලක්වී තිබිණි. ආසියා කලාපයේ වඩාත්ම බලවත් සහ භයානක ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙස සැලකෙන හකානි ජාලය මෑත කාලයේ ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවට සහ අමෙරිකාව ඇතුළු විදෙස් හමුදාවට ම්ලේච්ඡ ප්‍රහාර ගණනාවක් එල්ල කළ බව ද වාර්තා වේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, කාන්තා හිංසනය වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් එම සංවිධානය දැඩි අප්‍රසාදයට පත්වූ එකකි.