27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාව උඩට එයි

ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාව උඩට එයි

අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ පළමු තරගය ජය ගැනීමත් සමඟින් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 3ක් ඉහළට ඒමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

මේ තරගාවලිය ආරම්භයට පෙර එහි 11 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා පිලට මේ ජය සමඟ හිමි වූ ප්‍රසාද ලකුණු 10ත් සමඟ ලකුණු සංඛ්‍යාව 32ක් විය. අයිසීසී ශූරතාවලිය යටතේ තරග 13කට එක්ව ඇති ශ්‍රී ලංකා පිලට හිමි වූ තෙවැනි ජය මෙයයි. තරග 9ක් පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත් විය.

මෙතෙක් 10 වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පිල හමුවේ ලද මේ පරාජයත් සමඟ 11 වැනි ස්ථානය දක්වා පහත වැටුණු අතර, ඔවුන් සතුව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24කි.

මේ සටහනේ පෙරමුණේ පසු වන්නේ තරග 15කට මුහුණ දී 9ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 95කට හිමිකම් කියන එංගලන්තයයි.

නිරෝෂාන් ප්‍රියංකර