31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක්

අත්‍යවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක්

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

කොවිඩ් වසංගතය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“කොවිඩ් වසංගතයට මුවා වී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමට කටයුතු කළ වෙළෙඳුන්ට එරෙහිව රජය කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඉදිරියටත් මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා.

කොවිඩ් වසංගතය නිසා අද ජනතාව විශාල ලෙස පීඩනයට පත් වෙලා සිටින්නේ. ආදායම් අහිමි වෙලා. නිරෝධායන ඇඳිරිනීතිය නිසා රැකියා කරන්න විදියක් නෑ. මෙවැනි තත්ත්වයක් තුළ කූට වෙළෙඳුන් ජනතාව අනිසි ලෙස සූරා කෑම අතිශයින්ම කනගාටුදායකයි.

එහි පියවරක් ලෙස සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. සතොස අලෙවිසල් ජාලය හරහා සාධාරණ මිල ගණන්වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලින් ලැබෙන එළවළු සහ පළතුරු බෙදා හැරීමට රජය මැදිහත් වී යාන්ත්‍රණයක් සකස් කර තිබෙන්නේ ජනතාවට සාධාරණ ලෙස භාණ්ඩ දීමේ අරමුණින්. දිවයින පුරාම ඇතැම් වෙළෙඳුන් සඟවා ඇති භාණ්ඩ සොයා සිදු කරන වැටලීම් වේගවත් කිරීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.”

ක්‍රිසන්ති විතාරණ