33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅංක එකේ ඈෂ්ලි පැරදූ ශෙල්බි අවසන් 16ට

අංක එකේ ඈෂ්ලි පැරදූ ශෙල්බි අවසන් 16ට

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩිකා ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බර්ටි ලකුණු 6-2ක්, 1-6ක් සහ 7-6ක් ලෙස පරාජය කළ අමෙරිකානු ක්‍රීඩිකා ශෙල්බි රොජර්ස් අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් 16 දෙනාගේ වටයට එක් වීමට සමත් වූවාය. ප්‍රතිවාදි ක්‍රීඩිකාව අන්දමන්ද කළ මේ විස්මිත ජයග්‍රහණය මෙවර අමෙරිකා විවෘත ශූරතාවලියේ වඩාත් කැපී පෙනෙන සිදුවීම බවට ද පත් විය.

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 43 වැනි ස්ථානයේ පසු වන ශෙල්බි පසුගිය වසරේදී මේ ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවකි.

මීට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරග බිමේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉහළට නොගිය මේ 28 හැවිරිදි ක්‍රීඩිකාව මෙවර තරගාවලියේ පෙරළියක් සිදු කරනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. ඇය මීට පෙර ප්‍රංස විවෘත (2016) තරගාවලියේදී ද අර්ධ අවසන් පූර්ව වටයට එක් වූවාය.