32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිඩා කුණාටුවෙන් ලුසියානා වැසියෝ ලක්ෂ 7ක් අඳුරේ

අයිඩා කුණාටුවෙන් ලුසියානා වැසියෝ ලක්ෂ 7ක් අඳුරේ

අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක ජන ජීවිත උඩුයටිකුරු කළ අයිඩා කුණාටුවේ බලපෑම් හේතුවෙන් එරට ලුසියානා ප්‍රාන්තයේ ලක්ෂ 7ක ජනතාවට අඳුරේ සිටීමට සිදුවී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රාන්තය හරහා හමා ගිය අයිඩා කුණාටුව විදුලි සැපයුම මුළුමනින්ම අඩාල කර ඇතැයි වාර්තා වේ.

තම ප්‍රාන්තයේ ජනතාවට නැවත විදුලි සැපයුම යථා පරිදි දීම විශාල අභියෝගයක් වී ඇතැයි ලුසියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් බෙල් සීඑන්එන් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

පසුගිය සෙනසුරාදා වන විට එම ප්‍රාන්තයේ විදුලි සැපයුම අහිමි වූ ජනතාව හත්ලක්ෂ දහඅටදහසකට වැඩි බව ද වාර්තා වේ. ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක දෛනික කටයුතු ද මේ හේතුවෙන් බිඳ වැටී ඇතැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.