30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉතියෝපියාවේ කැරැලිකරුවන් 5,600ක් මිය ගිහින්

ඉතියෝපියාවේ කැරැලිකරුවන් 5,600ක් මිය ගිහින්

ඉතියෝපියාවේ උතුරු ප්‍රදේශයේ සටන් වැද සිටින ටයිග්‍රේ කැරැලිකාර සටන්කාමීන් 5,600ක ප්‍රමාණයක් පසුගිය කාලසීමාවේ ඝාතනය කළ බවත් තවත් 2,300ක පිරිසකට තුවාල සිදු කළ බවත් එරට හමුදාව කියයි. මීට අමතරව කැරලිකරුවන්ගෙන් 2,000ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඉතියෝපියා හමුදාව සඳහන් කර තිබේ. මේ බව හෙළිවී ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ සිට එරට හමුදාව සහ ටයිග්‍රේ කැරලිකරුවන් අතර සටන් ආරම්භ වීමෙන් පසු මේ දක්වා සිදු කළ සංඛ්‍යා ලේඛන දත්ත අනුවය. එරට සිවිල් ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ වැසියන් මිලියන ගණනක් ආහාර අර්බුදයකට මුහුණ පා සිටින බව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කළේය.