28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑන්නත්කරණ වැඩපිළිවෙළට හැකි ආකාරයෙන් සහයෝගය දෙනවා

එන්නත්කරණ වැඩපිළිවෙළට හැකි ආකාරයෙන් සහයෝගය දෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

මේ දිනවල සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළට හැකි ආකාරයෙන් සහයෝගය දෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹ 07, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“කොවිඩ් කමිටුව විසින් සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා රට වසා දැමීමේ තීරණය දීර්ඝ කර තිබෙනවා. නමුත් සමඟි ජන බලවේගය විදියට අපි රට වහන්න කිව්වේ මේ ආකාරයට නොවෙයි. රටේ සමස්ත ජනතාවම රෝගයට ගොදුරු නොවෙන විදියට තමයි වහන්න කිව්වේ. එය සිදු නොවීම ගැන බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා.

මේ දිනවල එන්නත්කරණය සිදු කරනවා. එය හොඳයි. අපට පුළුවන් ආකාරයට සහයෝගය දෙනවා. නමුත් එන්නත්කරණය සිදු කරද්දී ඇතැම් අය තමන්ගේ බූදලයක් වගේ කටයුතු කරනවා. සමස්ත රටේ ජනතාවගේ බදු මුදලින් ගන්නා එන්නත්. සමහර රටවලින් මෙරට ආණ්ඩුවටයි ආධාර ලැබෙන්නේ. එය තමන්ට ලැබුණු ආධාරයක් නෙමෙයි. එය පැහැදිලිව අවබෝධ ක රගත යුතුයි. පසුගියදා වයික්කාල ප්‍රදේශයේ 30ට වැඩි පිරිසකට එන්නත දෙන විට විශ්වවිද්‍යාල යන විදේශ රටවල ඉගෙන ගන්න යන අයත් ඉල්ලීමක් කළා එන්නත දෙන්න කියලා.

මේ වෙලාවේ සමඟි ජන බලවේගයේ නායකයා එක්ක එකතු වෙලා සෞඛ්‍ය අංශයේ සියලු දෙනාටත්, ආරක්ෂක අංශයේ සියලු දෙනාටත් වසංගතය පාලනය කරන්න කැප වෙන සමස්ත ජනතාවටත් ස්තූතිය සහ ගෞරවය පුද කරනවා.”

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්