26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලේබාන්වරු පන්ෂීර් නිම්නය අල්ලා ගැනීමේ සූදානමක

තලේබාන්වරු පන්ෂීර් නිම්නය අල්ලා ගැනීමේ සූදානමක

තලේබාන් සංවිධානය රජයක් පිහිටුවීමට පෙර ඇෆ්ගනිස්ථානයේ පන්ෂීර් නිම්නය අත්පත් කර ගැනීමට සූදානම් වේ. ඔවුන් ඊට උපරිම ශක්තිය යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
සෙබළුන් හා නවනීන අවිආයුධ රැසක් මේ වනවිටත් පන්ෂීර් නිම්නය ආසන්නයේ ස්ථානගත කර තිබේ. පන්ෂීර් නිම්නයේ බලය පවත්වාගෙන යන එන්ආර්එෆ් නමැති සටන්කාමීන් පවසන්නේ, තමන් තලේබාන් සංවිධානයට යටත් නොවන බවයි.
 
ගතවූ දෙදින තුළ ඇති වූ සටන්වලින් දෙපාර්ශවයේම විශාල පිරිසක් මියගොස් තිබේ. තලේබාන් සංවිධානය පවසන්නේ වළලා ඇති බිම්බෝම්බ හේතුවෙන් නිම්නයට ඇතුළුවීම අපහසු බවයි.
 
මේ අතර තලේබාන් සංවිධානය කාබුල් නුවරදී තම අයිතිවාසිකම් ඉල්ලා කාන්තා සංවිධානයක් විසින් පවත්වනු ලැබූ පෙළපාලියක් කඳුළු ගෑස් යොදා විසුරුවා හැර තිබේ. දේශපාලන, ආර්ථික හා අධ්‍යාපන නිදහස ඉල්ලා එය සංවිධාන කර තිබූ බව වාර්තාවේ.