පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙරටටම ආවේණික හයිබ්‍රිඩ් ලොක්ඩවුන් ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“අද වන විට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ මෙවන් ආකාරයේ ලොක්ඩවුන් සීමා. රට තුළ අත්‍යවශ්‍ය සේවා, කර්මාන්ත ආදිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දී තිබෙනවා. අපනයන වෙළෙඳාමට අදාළ කටයුතු කිසිසේත්ම නැවැත්වීමට නොහැකියි.
රට සම්පූර්ණයෙන්ම වසා දැමීම වසංගතය මර්දනය සුදුසුම ක්‍රමවේදය නොවේ. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් දැඩි සීමා ක්‍රියාත්මක කළත් එහි ද ආසාදිතයන් වාර්තා වෙනවා. නමුත් අපේ රට සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට තරම් ආර්ථිකය ශක්තිමත් නෑ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාර ගැනීමට පෙර පැවති පාලනය ආර්ථිකය ශක්තිමත් කළේ නම් රටත් සම්පූර්ණයෙන්ම වසා දමා හෝ වසංගතය මර්දනය කිරීමට හැකියාව තිබූණා.”
නුවන් කොඩිකාර


