26 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීති අවභාවිතය අත්හැර අයිතිවාසිකම්වලට ගරු කරන්න

නීති අවභාවිතය අත්හැර අයිතිවාසිකම්වලට ගරු කරන්න

සජබය ආණ්ඩුවෙන් ඉල්ලයි

පවතින නීතිරීති අවභාවිතය අත්හැර ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස සමඟි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වර්තමාන ආණ්ඩුව තම අසමත්කම වසා ගැනීමට උත්සාහ දරනුයේ මර්දනය බරපතළ ලෙස ක්‍රියාත්මක කරලීමට පියවර ගැනීම තුළින් බව පැහැදිලි බවය. අත්‍යවශ්‍ය සේවා සැපයීමට මුවාවී හදිසි නීතිය පැනවීමට කටයුතු කිරීම තුළ එය මනාව පැහැදිලි වන බවද එහි දැක්වේ.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්