බංග්ලාදේශයේ පර්යේෂණයකින් හෙළි වෙයි
පුද්ගලයන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් සිදුකර ඇති පර්යේෂණයකට අනුව මුඛ ආවරණ පැලඳීමෙන් කොවිඩ් වයිරසය ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව බංග්ලාදේශයෙන් වාර්තා වේ. එරට ගම්මාන 600ක සිදු කළ මේ දැවැන්ත පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ මුඛ ආවරණ පැලඳීමෙන් කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු අයුරින් පහළ වැටී ඇති බවය.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයේ පාරිසරික සෞඛ්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන ලෝරා ක්වොන්ගේ මූලිකත්වයෙන් මේ පර්යේෂණය සිදු කර ඇති අතර, බංග්ලාදේශයේ වෛද්‍යවරුන්ගේ සහයෝගය ද ඊට ලැබී ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ආරම්භ කර ඇති මේ පර්යේෂණයෙන් මාස 5ක් ගත වන විට මුඛ ආවරණ පැලඳීමට හුරුවී ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වීම මුඛ ආවරණ නොපැලඳ සිටින පුද්ගලයන්ට වඩා වැඩි ප්‍රතිශතයකින් අවම වී ඇතැයි ද, බංග්ලාදේශයේ කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට මුඛ ආවරණ විශාල පිටුවහලක් වී ඇතැයි ද මේ පර්යේෂණයෙන් හෙළි වී තිබේ.
එරට වැඩිහිටි පුද්ගලයන් අතර කොවිඩ් වයිරසය ආසාදනය වීම මුඛ ආවරණ පැලඳීමෙන් අවම වී ඇතැයි පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. වෙළෙඳපොළේ විවිධාකාරයේ මුඛ ආවරණ දක්නට ලැබුණ ද වඩාත් සාර්ථක වන්නේ ශල්‍යකර්ම සඳහා භාවිත කරන ‘සර්ජිකල් මාස්ක්‘ වඩාත් සාර්ථක බවය.