රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන
එක් වරකදී මෙරටට ලැබුණු වැඩිම එන්නත් ප්‍රමාණය වන සයිනොෆාම් එන්නත් ලක්ෂ හතළිහ ඊයේ (05) උදෑසන ලැබුණු බවත්, එම එන්නත් ප්‍රමාණයත් සමඟ මෙතෙක් මෙරටට ලැබී ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ දෙසිය විස්සක් බවත් සෞඛ්‍ය රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (05) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.
“ඊයේ සවස වන විට සයිනොෆාම් එන්නත් මෙරට ලක්ෂ සියයකට දී තිබෙනවා. එයින් පුද්ගලයන් ලක්ෂ හැත්තෑ තුනකට මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබෙනවා. රුසියාවේ කොරෝනා රෝගීන් සහ මරණවල ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම හේතුවෙන් එරටින් මෙරටට දෙන ස්පුට්නික් එන්නත දීමේ ප්‍රමාදයක් ඇති වුවත් කාණ්ඩ දෙකක් යටතේ ස්පුට්නික් එන්නත් පහළොස් දහස බැගින් දීමට ඔවුන් කටයුතු කළා. රුසියාවේ ස්පුට්නික් එන්නත් නිෂ්පාදිත ආයතනය විසින් සැප්තැම්බර් මාසයේදී මෙරටට අවශ්‍ය එන්නත් එක් ලක්ෂ විසි දහසක් දීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා.
ජාතික ඖෂධ ගබඩාවේ යම් කොටසකට අදාළ දත්ත පමණක් මැකී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව එහි සත්‍යතාව ඉදිරි සති එක හමාර පමණ වන විට අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස කරනවා. මේ ආයතනයේ බුද්ධිමය දේපළ වෙනත් පාර්ශ්වයකට ලැබී නැති බවට තොරතුරු අනාවරණය වෙනවා. මෙය කිසි විටෙක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමට තරම් කාරණයක් නොවේ.”
හිඳෝගම සමූහ