26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහදිසි නීතියට මුදල් සංශෝධන කෙටුම්පතට විරුද්ධයි

හදිසි නීතියට මුදල් සංශෝධන කෙටුම්පතට විරුද්ධයි

අනුර කුමාර දිසානායක

අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරී⁣මේ පනත හා මුදල් සංශෝධන කෙටුම්පත සම්බන්ධ පනත යන පනත් දෙකම සම්බන්ධයෙන් තම පක්ෂය විරුද්ධත්වය පළකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මහජන ආරක්‍ෂක පනතේ දෙවැනි කොටසේ පස්වැනි වගන්තිය බලාත්මක කොට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතියට සහ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා විසින් සම්මත කර ගැනීමට සූදානම් වන තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පත යන පනත් දෙකම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම පැවසීය.

වසංගතයෙන් ජනතාව ආරක්‍ෂා කර ගන්නවා වෙනුවට කළු ධනය ආරක්‍ෂා කර දීම සිදුවන බවත් රටේ පොදු ජනතාව වෙනුවෙන් පාලකයන් විසින් තීන්දු තීරණ නොගන්නා බවත් පැවසූ හෙතෙම මේ පනත් දෙකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන අතර ආණ්ඩුව ගෙන යන මේ ක්‍රියාමාර්ග පිළිබඳ අවදියෙන් සිටින ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ජනතාව තමන්ගේ අතිශය සමීපතමයන් මිය යමින් සිටියෙදී, වේදනාවෙන් පෙළෙමින් සිටියෙදී ආණ්ඩුව කළු ව්‍යාපාරිකයන්ට වරප්‍රසාද ලබා දෙන්න හැම දෙයක්ම කරනවා. ඒ වෙනුවෙන් අතිරේක බලයන් ගණනාවක් ජනාධිපතිවරයා අත එක්රැස් කරගෙන තිබෙනවා. පාලකයන් ගෙන යන මෙම විනාශකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව ඔබේ හඬ අවදි කරන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වාගේම මේ තත්වයන් පරාජය කිරීමට ක්‍රියාකාරීව මැදිහත් වෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.

නදී මාණික්කගේ