බ්‍රසීලයේ ගව පට්ටි දෙකකදී පිස්සු ගව හෝ ගවයන්ගේ ජලභීතිකා රෝගය ලෙස හඳුන්වනු ලබන රෝගී තත්ත්වයක් සහිත ගවයන් දෙදෙනකු හඳුනා ගැනීමත් සමඟ එරටින් චීනයට අපනයනය කරනු ලබන ගව මස් වහාම නැවැත්වීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් බ්‍රසීලයේ කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර, යළි බ්‍රසීලයෙන් ගව මස් ආනයනය කරනු ලබන දිනය තීරණය කරනු ලබන්නේ චීනය විසින් බවත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් මිනිසුන්ට හෝ වෙනත් සත්වයන්ට මින් කිසිදු සෞඛ්‍ය අවදානමක් මතු නොවන බව ඔහු තහවුරු කර තිබේ.