31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි නීති රෙගුලාසිවලට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි

හදිසි නීති රෙගුලාසිවලට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර

අසීමිත බලයක් අතට ගැනීමට රජය හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීමට සුදානම් වන බවත්, මේ රෙගුලාසිවලට තම පක්ෂය සම්පූර්ණයෙන් විරුද්ධ බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“හදිසි නීතිය සම්පාදනය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ පාර්ලිමේන්තුව යන ආයතන තුනේම බලය එක පුද්ගලයකු අතට යෑමට නිසා ඊට දැඩිව විරුද්ධ වෙනවා.

මේ නීතිය සම්මත වූ පසුව වරෙන්තුවක් නොමැතිව ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමට, දීර්ඝ කාලයක් රඳවා තබා ගන්නට, උද්ඝෝෂණ පවත්වන ස්ථානවලට කඩා පැනීමට හැකියාව ලැබෙනවා. ආණ්ඩුවේ උත්සාහය ජනතාව මර්දනය කිරීම මිස ජනතාවට සහන සැලසීම නොවේ.

ආණ්ඩුව මෙතෙක් ගබඩා වැටලීම් සිදු කළේ පාරිභෝගික පනත යටතේ මිස වෙනත් දෙයක් යටතේ නොවේ. ඉදිරියටත් ඒ සඳහා වෙනත් පනතක් අවශ්‍ය නෑ. ජනතාවට සහන දෙන්න සාමාන්‍ය නීතිය යටතේ පුළුවන්කම තියෙද්දී මේ හදිසි නීතිය ගෙන එන්නට උත්සාහ ගන්නේ ජනාධිපතිවරයාගේ බලය තර කර ගැනීමයි.”

ස්වර්ණා විජේකෝන්