27.8 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅගමැතිට එරෙහිව තායිලන්තයේ උද්ඝෝෂණ

අගමැතිට එරෙහිව තායිලන්තයේ උද්ඝෝෂණ

දිනෙන් දින හිස ඔසවන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත් වීම හේතුවෙන් අගමැති ප්‍රයූත් චැන් ඔචාට සිය තනතුරෙන් වහාම ඉවත් වන ලෙස බල කරමින් තායිලන්තයේ ජනතාව දහස් ගණනින් වීදි බැස උද්ඝෝෂණයක නිරතව සිටී. ඔහු ධුරයෙන් ඉවත් වනතුරු උද්ඝෝෂණය නතර නොකරන බවට බැංකොක් නුවර වටලා සිටින දහස් ගණනක ජනතාව එක හඬින් කෑගසමින් සිටී.

කොවිඩ් වසංගතය පාලනය කිරීමට අගමැතිවරයා අසමත්වූ බවත්, විශේෂයෙන් තායිලන්තයේ ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ මන්දගාමී බව සහ ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් මේ උද්ඝෝෂණ රැල්ල ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ වනවිට තායිලන්තයෙන් කොවිඩ් මරණ 13,000ක් වාර්තා වන අතර, සමස්ත ආසාදිතයන් ලක්ෂ 13කට ආසන්නය.