28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටෝකියෝ පැරාලිම්පික් ශූරයන් පිළිගැනීම අද

ටෝකියෝ පැරාලිම්පික් ශූරයන් පිළිගැනීම අද

ගුවන්තොටුපොළ දැඩි කොන්දේසි යටතේ මල්මාලා පැලදීමත් පදක්කම දමා ගත් ආකාරයට
උත්සවයට යන සියල්ලට ඇන්ටිජන් පරීක්ෂණ

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පිරිස අද කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මව්බිමට පැමිණෙද්දී උණුසුම් ලෙස පිළිගැනීම දැඩි සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 455 ගුවන්යානයෙන් පස්වරු 5.10ට පැමිණෙන පැරාලිම්පික් කණ්ඩායම ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා විසින්

රතුපලස මතින් පිළිගැනීමේදී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ පදක්කම් ප්‍රදානය කළ ආකාරයට ඕකිඩ් මල්මාලා බන්දේසියක තබා අල්ලනු ලබන අතර, එවිට සම්භාවනීයයන් තමන් විසින්ම මල්මාලාව ගෙලට දමා ගැනීම සිදු කරනු ඇත. අනතුරුව ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට ‘ආයුබෝවන්!’ කියා පිළිගැනීම සිදු වන අතර, අතට අත දීම්, සිප වැලද ගෙන සුබ පැතුම් එක් කිරීම් ආදි සාම්ප්‍රදායික ක්‍රමවේද සියල්ල තහනම් කොට ඇත.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් පැරා ශූරයන් හෙට ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා එම පරිශ්‍රයේදි වෙනම විශේෂ පිළිගැනීමකට ලක් කිරීමට සුදානමින් සිටී.

ගුවන්තොටුපොළේ පිළිගැනීමේ උත්සවයට පැරා කණ්ඩායමේ සාමාජිකයන් ද ඇතුළුව 40ක පමණ සීමිත පිරිසක් ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට සහභාගි කරවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති අතර, ඒ සියලු දෙනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක් කිරීම අද පෙරවරුවේ සිදු කෙරේ. ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා වෛද්‍ය ඒකකයේදී මේ පරීක්ෂණ සිදු කරන අතර, එහි වාර්තා නැතිව ගුවන්තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා පැවසීය.

ටෝකියෝ සිට හෙට පැමිණෙන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 15ක පිරිසක් ඇතුළත්ව සිටින අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් කිහිප දෙනකු පිළිගැනීමේ උලෙළට එක් වීමට නියමිතය. පැරා ශූරයන්ගේ මව්පියන් බිරින්දෑවරුන් දරුවන් ඇතුළු කිසිදු ඥාතියකු සෞඛ්‍ය හේතු මත මේ පිළිගැනීමේ උත්සවයට සහභාගි නොවීමට තීරණය කර ඇත.

අද සිදු වන පිළිගැනීමෙන් පසු දිනේෂ් ප්‍රියන්ත හේරත්ට කෝටි 5ක් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කුට කෝටි 2ක් පිරිනැමීමේ වෙනම රාජ්‍ය මට්ටමේ උත්සවයක් පසුව සංවිධානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වූ ජාතික හෙල්ල විසි කිරීම් පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට ක්‍රීඩකයන්ට හිමි වන මුදල මෙන් 25%ක් (රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක්) පිරිනැමීමට ද තීරණය කොට ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් මුදල් තෑගි පිරිනමන විශේෂ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටියක මුදලක් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් මිලියනයක මුදලක් පිරිනැමීම ද සිදු වේ.

ප්‍රින්ස් ගුණසේකර