පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ
ලෝකයේ කිසිම රටක ගුරුවරයෙක් ඔවුන්ගේ ගැටලුවලට දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට දෙන්නේ නෑ. ඒ තත්ත්වයට අපේ ගුරුවරුන් පත් කළේ වසංගතය දඩමීමා කර ගත් එන්ජීඕ නඩයක් එක්ක විපක්ෂයේ දේශපාලකයන් එකතු වෙලා. වෘත්තීය සමිති නායකයන් ගුරුවරුන් දඩමීමා කරගෙන රජය අවුල් කිරීමට උත්සාහ කරන බව අප ගුරුවරුන්ට තේරුම් කර දී තිබෙනවා. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පසුගියදා විපක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් රජයට එල්ල කළ අභූත චෝදනා සම්බන්ධව මාධ්‍යයට සත්‍ය කරුණු පැහැදිලි කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“මේ ගුරු විදුහල්පති වැටුප් විසමතාවට වයස අවුරුදු 24ක් වෙනවා. පසුගිය 2015 සිට 2019 දක්වා යහපාලන රජය සමයේ රටේ යුද්ධයක්, වසංගතයක්, සුනාමියක් වගේ කිසිම ගැටලුවක් නොතිබුණු කාලයේ ජනතා විමුක්ති පෙරමුණත්, වෘත්තීය සමිතිවත්, ගුරු විදුහල්පති සංගම්වත් එදා මේ ගැටලුව ගැන කතා කළේ නෑ . ඒ අය මේ වැටුප් ගැටලුව ගැන එදා දැනගෙන හිටියේම නැද්ද? සජිත්ගේ සහ අනුර කුමාරගේ වුවමනාව මතයි රටේ සෞඛ්‍ය නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක කළේ.
යහපාලනය කාලයේ මුනිවත රැකපු ස්ටාර්ලින්ලා මහින්දලා එදා ඒ රජය එක්ක එකතු වෙලා ඔවුන්ගේ මඩිය තර කර ගත්තා. එදා මේ වාගේ ගැටලුවලට වෘත්තීය සමිති පාරට බැස්සේ නෑ. හොඳට ආදායම් තිබු යුගයක මේ ප්‍රශ්න ගැන කතා නොකළ අය අද රට අවුල් කිරීමට බළල් අත් යොදා ගැනීම ශෝචනීය කරුණක්.”
රාගම සමූහ – කේ. එස්. හැන්නදි