31.1 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහදිසි නීති පනත ගේන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න

හදිසි නීති පනත ගේන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න

ඇමැති රෝහිත අබේගුණවර්ධන

හදිසි නීතිය සම්බන්ධයෙන් පනත ගේන්නේ විපක්ෂය කියන පරිදි භාෂණයේ නිදහස නැති කරන්න හෝ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට නොව පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට බව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (06) අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“එවැනි අත්අඩංගුවට ගැනීමට නම් හදිසි නීතිය අවශ්‍ය නොවන බව 2015 යහපාලන රජය පූර්වාදර්ශ සපයා තිබෙනවා. වත්මන් රජයට අවශ්‍ය යහපාලන රජය කළ දේ කරන්න නොව, මේ වසංගත කාලයේදී අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂවම පවත්වා ගෙන යෑමයි.

ජනතාව තමන්ට හුස්ම ගන්න බැරිව ජීවිත ඉල්ලමින් සිටින මොහොතක මේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට වැඩි මිලක් ඇති කරන්න කටයුතු කර තිබෙනවා. මේ අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම යුතුකමක්. අප ජනතාවට ගෙදර සිට ප්‍රතිකාර ගන්න ක්‍රමවේද කියනවා. ඒ අවස්ථාවේ ගෙදරට වෙලා තේ ටිකක් බොන, බත් ටිකක් කන මිනිසුන්ට වැඩි මිලට භාණ්ඩ දෙන්න හාල් හෝ සීනි මාෆියාව ක්‍රියාත්මක වෙනවා නම් එය වැළැක්වීමට පියවර ගැනීම රජයක වගකීමක්. අප මේ අවස්ථාවේ ඒ මාෆියාවට එරෙහිව නොබියව තීන්දු තීරණ ගන්නවා. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නේ අවශ්‍ය තීන්දු තීරණ ගන්න තමයි. ඒ 69 ලක්ෂය පමණක් නොවෙයි, ජනාධිපතිවරයාට ඡන්දය දුන් නොදුන් සමස්ත ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම රජයට තිබෙනවා. මේ පනත ගැන කතා කළ විපක්ෂයේ පළමු කතිකයා කිව්වා, හමුදා පාලනයක් ගැන. එදා ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ වේදිකාවේ ඇසුණෙම හමුදා පාලනයක්. මිලිටරීකරණයක් ගැන කතා පමණයි. ගෝඨාභය ආවම සුදු වෑන් එනවා කිව්වා. ජනතාව අරන් ගිහින් මරලා දානවා කිව්වා. එදා හිටපු සෞඛ්‍ය ඇමැති කිඹුල් කතාවක් කිව්වා. සුදු වෑන්වලින් අරන් ගිහින් මරලා දාන වැවත් පෙන්නුවා. අද සුදු වෑන් යනවා. ඒ යන්නේ ඇවිද ගන්න බැරි අම්මලා තාත්තලා ඉන්න ගෙවල්වලට. ඒ ගිහින් ඒ අය කොවිඩ්වලින් බේරා ගන්න අවශ්‍ය එන්නත්කරණය සිදු කරනවා. ඒ කටයුතුවලට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. විපක්ෂය එදා සුදු වෑන් ගැන කියලා ජනතාව තුළ බියක් ඇති කළා.

අද ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත් කළා. දැන් කියනවා, ඒක මිලිටරීකරණය කියලා. ඒ පත් කිරීම වැරදියි කියලා රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා. එදා මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් විසින් වසා දැමූ අවස්ථාවේ ගොවීන් ඉතා අසරණ වුණා. එදා ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඒ සොරොව්ව අරින්න කියලා නියෝගය දුන්නේ එදා හමුදාපතිවරයා ලෙස හිටපු සරත් ෆොන්සේකා මහතාට. ඒ සොරොව්ව අයිති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කියලා ඒක අරින එක වාරිමාර්ගෙට භාර දුන්නා නම් අද මොකද වෙන්නේ. ඒ වගේ තමයි රටේ ආපදාවකදී ඇති වන තත්ත්වයන් පාලනය කිරීම අප භාර දෙන්න ඕනේ ඊට සුදුසු හා ඒ වෙනුවෙන් කටයුතු කළ හැකි අයට. අද සීනි හා හාල් වැඩි මිලට විකුණනවා පමණක් නොවෙයි. සිමෙන්ති මාෆියාවක් ද ඇති කර ඉල්ලුම වැඩි කර මිල ඉහළ දමන්න හදනවා. අප මේවා පාලනය කළ යුතුයි. අපට ජනතාව කොවිඩ්වලින් මැරෙන කල් බලා ඉන්න බෑ. අපි කඩිනමින් තීන්දු තීරණ ගත යුතුයි.”

ස්වර්ණා විජේකෝන්