28.4 C
Colombo
Sunday, February 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපුල් තරංගත් එවරස්ට් නඟී

උපුල් තරංගත් එවරස්ට් නඟී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග නේපාලයේදී පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊපීඑල්) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක් වෙයි.

කණ්ඩායම් 6ක් එක් වන මේ තරගාවලියේදී තරංග ‘භයිරහවා ග්ලැඩියේටර්ස්‘ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

මේ තරගාවලියට තෝරා ගත් තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා තරංග වන අතර, ඉන් පෙර භහිරහවා පිල විසින් කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් ද, චිට්වාන් ටයිගර්ස් පිල විසින් තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ද තෝරා ගැනිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග 26කදී ලකුණු 407ක් රැස් කළ තරංග ප්‍රිමියර් ලීග් තරගාවලි රැසකදී දස්කම් දැක්වීය. ඉන්දියාවේ පැවති ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදී ද ඔහු කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

2016 වසරේදී එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ අතර, දෙවැනි තරගාවලියේදී (2017) ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් කත්මණ්ඩු කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.

අවසන් වරට 2018 වසරේ පැවති මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. මේ මස 25 දා ආරම්භ වීමට නියමිත තරගාවලිය ඔක්තෝබර් 9 දා නිමාවට පත් වේ.

නිරෝෂාන් ප්‍රියංකර