28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිස්බා - වකාර් තනතුරු අත්හරිති

මිස්බා – වකාර් තනතුරු අත්හරිති

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය තනතුරෙන් ඉල්ලා අස් වෙයි. මේ සමඟ වේග පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනුස් ද සිය ධුරයෙන් ඉවත් වීමට කටයුතු කර ඇත.

කොරෝනා වසංගතය ආශ්‍රිත සීමා හේතුවෙන් සිය පවුලේ අය සමඟ සැලකිය යුතු කාලයක් ගත කිරීමට අවශ්‍ය බැවින් මෙලෙස තනතුරෙන් ඉවත් වන බව මිස්බා පවසා තිබේ. මිස්බා සමඟ එක්ව සිය භූමිකාව ආරම්භ කළ බැවින් ඔහු සමඟම ඉවත්ව යන බවට වකාර් සඳහන් කර ඇත.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන පාකිස්තාන සංචිතය නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසු මිස්බා සහ වකාර් සිය තනතුරුවලින් ඉල්ලා අස් වූ බව නිවේදනය කිරීම විශේෂත්වයකි.

පාකිස්තාන කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුරදී 47 හැවිරිදි මිස්බාට කොරෝනා ආසාදනය වූ අතර, ඔහු ජැමයිකාවේදී දින 10ක කාලයක් නිරෝධායනයට ලක් විය. මේ කාලය තුළ පසුගිය මාස 24ක කාලය ගැන මෙනෙහි කළ බවත් සිය පවුලෙන් ඈත්වී දිගු කාලයක් ගත කිරීමට සිදු වූ බවත් ඔහු පවසා තිබේ.

මිස්බා සහ වකාර්ගේ ඉවත් වීම හේතුවෙන් එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා වැඩ බලන පුහුණුකරුවන් ලෙස සක්ලයින් මුෂ්ටාක් හා අබ්දුල් රසාක් නම් කර තිබේ.