30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසම්මත වූ මුදල් පනතින් විශුද්ධිකරණයට මඟ පෑදෙනවා

සම්මත වූ මුදල් පනතින් විශුද්ධිකරණයට මඟ පෑදෙනවා

තිස්ස අත්තනායක

ආණ්ඩුව සම්මත කළ මුදල් හා විනිමය සුරැකුම් කොමිෂන් සභා පනතේ සංශෝධන හුදෙක්ම මුදල් විශුද්ධිකරණය සඳහා රැගත් පියවරක් බවත්, මුදල් ආයෝජන විධි පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් එහි නොතිබූ බවත්, සමඟ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දිනමිණට පැවසීය.

මේ පනත්හි සං‍ශෝධන කර තිබූ ආකාරය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක්ම තිබූ නිසා විපක්ෂය විරෝධය පාමින් සිය ස්ථාවරය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙකී පියවර ක්‍රියාත්මක කිරීමේ දී මහා පරිමාණයෙන් මුදල් විශුද්ධිකරණය වෙනවා මිසක නීත්‍යනුකූල අන්දමට විදෙස් විනිමය හෝ වත්කම් ආයෝජනය කරන ආකාරය පිළිබඳ කිසිදු විනිවිධභාවයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මුදල් ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම උදෙසා මෙම නව රෙගුලාසි ඉවහල් වනු ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ කළද ආයෝජන බදු මුදල් සම්බන්ධයෙන් නිශ්චිත සීමා මායිම් පැනවීමට කටයුතු ‍කර නැති බවත් හෙතෙම වැඩි දුරටත් කීවේය.

පහන් විජේසේකර