30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහදිසි නීතිය - මුදල් පනත් ගෙනා ආණ්ඩුව රාජ්‍ය සේවය අනිවාර්ය කිරීමටත් පනතක්...

හදිසි නීතිය – මුදල් පනත් ගෙනා ආණ්ඩුව රාජ්‍ය සේවය අනිවාර්ය කිරීමටත් පනතක් ගෙන එන්න නියමිතයි

ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක

හදිසි නීතිය, මුදල් පනත් ගෙනැවිත් බදු වංචාකරුවන් නිදහස් කිරීමට කටයුුතු කරන ආණ්ඩුව ඉදිරියේදී රාජ්‍ය සේවය අනිවාර්ය කිරීම සඳහාත් පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමත බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසුවේය.

කොළඹදී පෙරේදා (07) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.

“මෑතකදී සිදුවන රාජ්‍ය මැදිහත් වීම් හා ක්‍රියාකාරම් හරහා නීතියට පිටින් නීතිය යම් ක්‍රියාදාමයක් වන ආකාරය පැහැදිලියි. ඉල්ලුම සහ සැපයුම පාලනය කිරීම සඳහා හදිසි නීතිය යොදාගත් ආණ්ඩුව, බදු වංචාකරුවන් නිදහස් කිරීම සඳහා පනතක් ගෙනැවිත් තිබෙන අතර, හෙට රාජ්‍ය සේවය අනිවාර්යය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට නියමිතයි.

මේ ආකාර වූ නීතිය නැමීම්, නීතිය හරහා සිදුවෙන අනීතික ක්‍රියාකාරීත්වයන් සිදුවෙන්නේ කොහෙද? එසේ සිදුවන රටවල් වලට අප කියන අන්වර්ථ නාමයක් තියෙනවා. ඒවාට අප කියන්නේ බනානාරිපබ්ලික් කියයි. දැන් ලංකාවත් බනානාරිපබ්ලික් එකක් වෙලාද කියා අපට අහන්න වෙනවා? චම්පික රණවක මහත්මයා සී. අයි. ඩී. යට සිය ලිපියක් භාර දුන්නා. පොලිස්පතිවරයා විටින් විට මේ රටේ පුරවැසියන් සීඅයිඩියට ගෙනත් ප්‍රකාශ ගත්තා. ඉවරයක් නෑ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාරත් ගෙන්නෙව්වා. කතෝලික සභාවේ සහයෝගයට කතා කළ තරුණයෝ දැන් දින ගණනාවක් තිස්සේ ගෙන්නනවා. මේ මොකටද? බියගන්වන්න, කරදරයට පත් කරන්න.

ලංකාවේ අදහස් පළ කිරීමට හා භාෂණයට අයිතියක් තියෙනවා කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම ඒ අයිතිය තිබෙනවා කියා පොලිස්පතිතුමා දන්නේ නැද්ද? පොලිස්පතිතුමාට ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන එක ඉතා කනගාටුදායක තත්ත්වයක්.

හදිසි නීතිය භාවිත කරන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ ප්‍රතිපාදන, විධිවිධාන පැවතියදීමයි.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරි පනතින් කරන්න බැරි වැඩ කරන්නයි හදිසි නීතිය දැම්මේ කියා ආණ්ඩුව කියනවා. නමුත් පාරිභෝගික ආරක්ෂණ පනතේ පැහැදිලිවම 18 වැනි වගන්තියේ හෝ 17 වැනි වගන්තියේ ස්ථාන පරීක්ෂණයට, ස්ථානවලට ඇතුල්වීමට, ගබඩා පරීක්ෂාවට, අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා. හදිසි නීතියෙන් කරන්නේ එයයි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්