31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපලස්තීන විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්

පලස්තීන විරෝධතාකරුවන්ට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්

අධි ආරක්ෂිත ඊශ්‍රායල බන්ධනාගාරයකින් පලස්තීන සිරකරුවන් 6 දෙනකු පැන යෑම මුල් කරමින් පලස්තීන ජනතාව වෙස්ට් බෑන්ක් පළාත අවට සිදු කළ විරෝධතාවට රබර් උණ්ඩ යොදා ගනිමින් ඊශ්‍රායල හමුදාව ප්‍රහාරයක් එල්ල කර ඇත. මේ ප්‍රහාරයෙන් සියයකට අධික පලස්තීනුවන් පිරිසක් තුවාල ලබා ඇති අතර, රබර් උණ්ඩ ප්‍රහාරයට අමතරව කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් පලවා හැරීමට ඊශ්‍රායල හමුදාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

රමල්ලා, නබ්ලස්, බෙත්ලෙහෙම් සහ හේබන් පළාත්වලින් මෙන්ම ගම්බද පළාත්වලින් පැමිණ සිටි විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාරයෙන් පලා ගිය සිරකරුවන්ට සහාය පළ කරමින් මේ උද්ඝෝෂණයේ නිරතව සිටි බව විදෙස් පුවත් වැඩි දුරටත් වාර්තා කළේය.