27.6 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුව සේවය කරන්නේ ගජමිතුරන්ටයි - විපක්ෂ නායක

ආණ්ඩුව සේවය කරන්නේ ගජමිතුරන්ටයි – විපක්ෂ නායක

රටේ මේ වන විට සිදු වන මගඩි රැස මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පැවසීය. එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය, තව පැත්තකින් ඇන්ටිජන් මගඩිය, තවත් පැත්තකින් ඖෂධ ජාවාරම ජයටම සිදු වෙන බවත් හෙතෙම කීවේය. ‘විපක්ෂයෙන් හුස්මක්‘ 25වැනි අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස්ලක්ෂ අනූදහසක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක් වෙමින් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (9) හෙතෙම මේ බව පැවසුවේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්