30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් පාලනය අත්හැර දැමීමට දකුණු කොරියාවේ අවධානය

කොවිඩ් පාලනය අත්හැර දැමීමට දකුණු කොරියාවේ අවධානය

ආසියා පැසිෆික් කලාපයේ කොවිඩ් වයිරසය තුරන් කිරීමේ උපායමාර්ග අත්හැර දැමීමට අවධානය යොමු කළ නවතම රට බවට පත් වී ඇත. තව දුරටත් රට වසා තැබීමේ කිසිදු සාර්ථකත්වයක් දක්නට නොලැබෙන බවට සලකමින් එරට රජය මේ පියවර ගැනීමට සැලසුම් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

එරට කොවිඩ් සංඛ්‍යාලේඛන ඉහළ යමින් තිබියදීත් දකුණු කොරියා රජය කොවිඩ් සංචරණ සීමා ඉවත් කිරීමේ හැකියාව සොයා බැලීම කැපී පෙනේ.

පෙරේදා වන විට ගතවූ අවසන් පැය විසිහතර ඇතුළත සෝල් නුවරින් කොවිඩ් ආසාදිතයන් 2,100 වාර්තා විය. එවැනි පසුබිමක් තුළ වුවත් සිවුවැනි මට්ටමේ කොවිඩ් සංචරණ සීමා ඉවත් කිරීමට සැලසුම් කිරීම අවදානමක් තත්ත්වයක් බව එරට ඇතැම් පාර්ශ්ව කියා සිටී. විශේෂයෙන් මේ මස 17 වැනිදායින් උදාවන වාර්ෂික නිවාඩු සමය තුළ මේ තත්ත්වය මත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යනු ඇතැයි අනාවැකි පළවී තිබේ.