ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව විස්සයි20 ක්‍රිකට් තරගාවලි ජයක් අත් කර ගැනීමට බංග්ලාදේශය සමත් වෙයි.
නවසීලන්තය සමඟ ඩකාහිදී පැවැති සිව්වැනි තරගය කඩුලු 6කින් ජය ගනිමින් බංග්ලාදේශය මේ ඉතිහාසය අලුත් කළේ කළේ තරග 5කින් සමන්විත තරගාවලියේ තරගයක් ද ඉතිරිව තිබියදීම විශේෂත්වයකි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 19.3කදී ලකුණු 93කට සීමා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 5ක් ඉතිරි තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී තිබියදීය. නායක මහමුදුල්ලාහ් නොදැවී ලකුණු 43යි. මොහොමඩ් නයීම් ලකුණු 29යි. නසුම් අහ්මඩ් ඕවර 4කදී ලකුණු 10කට කඩුලු 4ක් දවාගත් අතර, ඔහුට අනගි සහායක් දුන් මුස්ටර්ෆිසුර් රහ්මාන් ද ලකුණු 12කට කඩුලු 4ක් බිඳ දැම්මේය.
දෙපිල අතර, 5 වැනි සහ අවසන් විස්සයි20 තරගය අද (10) ඩකාහිදී පැවැත්වේ.