30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබූස්ටර් එන්නත 2022 දක්වා අත්හිටුවන්න - ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලයි

බූස්ටර් එන්නත 2022 දක්වා අත්හිටුවන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලයි

සෑම රටකටම අවම වශයෙන් සිය ජනගහණයෙන් 40%කටවත් එන්නත් කිරීමේ හැකියාව ලැබෙනතුරු බූස්ටර් එන්නත්කරණය වසර 2022 දක්වා අත්හිටුවන ලෙස ලොව ධනවත් රටවල් ඉල්ලීමක් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

දැඩි ඉල්ලුමක් පැවැතුණද, මේ වසර අවසානය දක්වා මහ පරිමාණයෙන් බූස්ටර් එන්නත ජනතාවට ලබාදීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නොම් ධනවත් රටවලට දන්වා තිබේ.

වාර්තාකරුවන් අමතා ප්‍රකාශයක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ඉල්ලීම කර ඇති අතර, තම එන්නත් නිෂ්පාදනය සීඝ්‍ර වශයෙන් ඉහළ දමන ලෙසත් ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදන සමාගම්වලින් ඔහු ඉල්ලා සිටී.

මේ වනවිටත් කොවිඩ් මර්දන එන්නත් සිය ජනතාවට සැලකිය යුතු ප්‍රමාණයකින් ලබාදීමට බොහෝ රටවල් අසමත්ව සිටින බව පෙන්වා දුන් අද්නොම්, එවැනි රටවල් සඳහා එන්නත් තොග වැඩි වශයෙන් සැපැයීමට කටයුතු කරන ලෙසත් දන්වා සිටියේය.

ලොව දිළිඳු රටවල් තම රටවලට ලැබෙන එන්නත් තොගවලින් සෑහීමකට පත්විය යුතු බව කියමින් එම රටවල් නොසලකා හරිමින් තම රටවල ජනතාවගේ අවශ්‍යතාව පරිදි කොවිඩ් මර්දන තුන්වැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත් සැපයීමට උත්සුක වන අවස්ථාවක තමාට නිහඬව සිටිය නොහැකි බව ද ඔහු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ.