28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක කුසලානයට කණ්ඩායම නම්කර පැයකින් ඇෆ්ගන් නායකයා අස් වෙයි

ලෝක කුසලානයට කණ්ඩායම නම්කර පැයකින් ඇෆ්ගන් නායකයා අස් වෙයි

ලබන ඔක්තෝබර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගි වන ඇෆ්ගනිස්ථාන් සංචිතය ඊයේ නම් කළේය. ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් පත්කර තිබුණි.
 
කෙසේ නමුත්, ඇෆ්ගන් සංචිතය නම්කර පැය කිහිපයක් ගතවීමේ දී රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
 
කණ්ඩායමේ සංචිතය තෝරාගත් ක්‍රමවේදයට විරෝධය දක්වමින් ඔහු මෙම තීරණය ගෙන ඇත.
 
රෂීඩ් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ කණ්ඩායම නම් කිරීමේදී තේරීම් කමිටුව හා ඇෆ්ගන් ක්‍රිකට් බළධාරීන් තමාගේ අදහස් හෝ අනුමැතිය ලබා නොගත් බවයි.
 
කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.