27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊශ්‍රායලය දරුවන්ටත් බූස්ටර් එන්නත දෙයි

ඊශ්‍රායලය දරුවන්ටත් බූස්ටර් එන්නත දෙයි

දරුවන් අතරේ කොවිඩ් මර්දන තුන්වැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත දීමට ඊශ්‍රායලය කටයුතු කර ඇත. දළ වශයෙන් දෛනිකව ඊශ්‍රායල ජාතිකයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වන අතර, ඉන් වැඩි පිරිසක් තුන්වැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත්කරණයට ලක් වී ඇත.

කොවිඩ් වයිරසය පාලනය කිරීම සඳහා ඊශ්‍රායලයේ ජනතාවට සිවු වැනි මාත්‍රාව ද සැපැයීමට එරට සෞඛ්‍ය අංශයේ අවධානය යොමුවී ඇති අතර, මේ මස 6 වැනිදා වන විට ඊශ්‍රායල ජනතාවගෙන් 64%ක ප්‍රමාණයක් බූස්ටර් එන්නත්කරණයට ලක් වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කළේය. කොවිඩ් මර්දන දෙවැනි එන්නත ලබාගත් අවුරුදු 12ට වැඩි අයට අවම තරමින් මාස 5කට පමණ පසු බූස්ටර් එන්නත දීමට එරට සෞඛ්‍ය අංශය කටයුතු කරමින් සිටී.