30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නත්කරණය වේගවත් වීම ගැන සතුටුයි

එන්නත්කරණය වේගවත් වීම ගැන සතුටුයි

මේ වන විට එන්නත්කරණය ඉතා වේගවත්ව ක්‍රියාත්මක වීම ගැන සතුටු වන බවත්, තවදුරටත් එය සාර්ථක කර ගත හැකි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (10) පැවසීය.

වෙනත් රටවල මේ වන විට තුන්වැනි එන්නත් මාත්‍රාවක් දීමට පියවර ගෙන ඇති බව පැවසූ රාජකරුණා මහතා අවුරුදු 60ට වැඩි එන්නත් දෙකම ගෙන ඇති අවුරුදු 60ට වැඩි අයට හැකි ඉක්මණින් තුන්වැනි එන්නතක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් කීවේය. එන්නත්කරණය හොඳ වුණාට රට විවෘත කිරීමක් කළ නොහැකියි. මරණ ගණන සහ ආසාදිතයන් ගණන පෙන්වා රට නැවත විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් පවතින බවට මතයක් සමාජගත කරන්නට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. නිවැරැදි දත්ත නොපෙන්වා, විශේෂඥ උපදෙස් ඉවත දමා කටයුතු කරන තීන්දු තීරණ කාගේ වුවමනාව මත ගන්නේ දැයි රටට හෙළි කළ යුතු බවද හෙතෙම පැවසීය. එමෙන්ම රුපියලේ අගය පවත්වාගෙන යෑමට යැයි කියමින් යට ඇඳුම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ලෙස නම් කර වත්මන් ආණ්ඩුව ජනතාවට ඉතිරි වෙලා ඇති යට ඇඳුමත් ගැලවීමට මේ කොරෝනා මැද කටයුතු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්