28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 6කට පසු ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන්ගේ ඉහළ යෑමක්

මාස 6කට පසු ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන්ගේ ඉහළ යෑමක්

ඔස්ට්‍රේලියාවේ ඊයේ 1,900ක දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එවැනි විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසු පළමුවරටය. එරට විශාලතම නගර වන සිඩ්නි සහ මෙල්බර්න් සම්පූර්ණයෙන්ම ‘ලොක් ඩවුන්‘ තත්ත්වයෙන් පැවැතිය ද ඩෙල්ටා ප්‍රභේදය ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමෙන් මේ තත්ත්වය ඇති වූ බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත.

එහෙත් එරට ජනතාවට කොවිඩ් මර්දන දෙවැනි මාත්‍රාව සම්පූර්ණ කිරීමෙන් පසු ක්‍රමයෙන් රට විවෘත කිරීමට ඔස්ට්‍රේලියා රජය බලාපොරොත්තුවෙන් පසු වෙයි.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් දෛනික කොවිඩ් ආසාදිතයන් 1,542ක් හඳුනාගෙන ඇති අතර, එය පසුගිය සතියේ වාර්තා වූ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා තරමක ඉහළ යෑමකි.

එවැනි පසුබිමක් පැවැතියද ක්‍රමයෙන් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටියන්ගෙන් 70%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙන් පසු සිඩ්නි නුවර ව්‍යාපාරික ස්ථාන යළි විවෘත කිරීමට ප්‍රාන්ත රජය අදහස් කර තිබේ. ලබන ඔක්තෝබර් මාසයේ මැද භාගයේදී එම ඉලක්කය සම්පූර්ණ කිරිමට හැකිවනු ඇතැයි නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.