26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිනේෂ් ප්‍රියන්ත හෙලිකොප්ටරයෙන් ගමට

දිනේෂ් ප්‍රියන්ත හෙලිකොප්ටරයෙන් ගමට

රජයෙන් ඉඩමක් හා නිවෙසක් තෑගි

පැරාලිම්පික් රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත මහතා අද දින තමාගේ ගම් පියස වෙත කොළඹ සිට හෙලිකොප්ටරයකින් පැමිණියේය.

මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටි මේ අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයෝ ද සහභාගි වූහ.

මෙහිදී එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා විසින් දිනේෂ් ප්‍රියන්ත මහතා වෙත අනුරාධපුර නගරයට ආසන්න ඉඩමක් පරිත්‍යාග කළ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම්දීමක් මත පුහුණු කටයුතු පහසුවෙන් සිදු කර ගැනීම සඳහා කොළඹ අවටින් නිවෙසක් ද පරිත්‍යාග කළේය. තව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සමරු තිළිණ ද ප්‍රදානය කර සිටියහ.

තමා මූලික අධ්‍යාපනය ලැබූ විදු මව් පියසට ජනතා ප්‍රීතිඝෝෂා මධ්‍යයේ උඩුගුවනින් පැමිණීමට අවස්ථාව ලැබීම පිළිබඳ දිනේෂ් ප්‍රියන්ත මහතා මෙහිදී සිය කෘතඥතාව එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාට පුද කර සිටියේය.

ඉන් අනතුරුව දිනේෂ් ප්‍රියන්ත හිතවතුන්ගේ කර මතින් තම නිවෙස කරා ගමන් කළේය.

ඡායාරූප සහ සටහන

චිත්‍රරත්න කළුආරච්චි අමිල ප්‍රභාත් වනසිංහ