30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමන්ත්‍රී තිස්ස අත්තනායකගේ මානව හිමිකම් සංවිධානයේ යටි අරමුණු පැහැදිලි කරන්න

මන්ත්‍රී තිස්ස අත්තනායකගේ මානව හිමිකම් සංවිධානයේ යටි අරමුණු පැහැදිලි කරන්න

ආචාර්ය ගුණදාස අමරසේකර ලිපියක් යවමින් විපක්ෂ නායකට කියයි

පනත් කෙටුම්පතක් මඟින් සංස්ථාගත කිරීමට යෝජිතව ඇති මානව හිමිකම් සංවිධානය නම් වු ආයතනය ආණ්ඩුයට අදාළ සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලබාදීමටත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයවත් සහ අන්තර්ජාතිකවත් පෙනී සිටීම සඳහා බලතල ලබාදීමට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ පනත මඟින් උත්සහයක් ගෙන ඇති බව පැහැදිලි යැයි ජාතික සංවිධානයේ එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය සංස්ථා ගත කිරීමේ පනත් කෙටුම්පතේ යටි අරමුණ මොනවා දැයි කරුණු පැහැදිලි කරමින් අමරසේකර මහතා මෙම ලිපිය යවා තිබේ.

එම ලිපියේ මෙසේද සඳහාන් වේ.

“මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් පසුව ඊට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය ලෙස සංවිධාන තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබීය. ඒ පිළිබඳ විපක්ෂනාක දැන සිටියාද අපි නොදනීමු.එහෙත් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් මඟින් පමණක් සම්මත කළ යුතු බවට තීන්දුව ප්‍රකාශයට පත්ව ඇති බැවින් ඒ පිළිබඳ විපක්ෂ නායක දැනුවත්වී ඇතැයි සිතමු.

අදාළ පනත් කෙටුම්පත මඟින් සංස්ථා ගත කිරීමට යෝජිත මානව හිමිකම් සංවිධානය නම් වු ආයතනයට ආණ්ඩුවට අදාළ සහ රාජ්‍ය නොවන කටයුතු සඳහා බලතල ලබාදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සමාන්තර සංවිධානයක් ලෙස දේශීයව සහ අන්තර්ජාතිකව පෙනිසිටීම සඳහා බලතල ලබාදීමට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් උත්සහයක් ගනු ලැබු බව ඉතා පැහැදිලිය. ඒ බව නඩු තීන්දුව මඟින් ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව ඒ මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවෙමින් පවතින ජාත්‍යාන්තර වැටලෑමට අදාළ එක් පෙරමුණක අවශ්‍යතාවය ඉටුකිරීමට උත්සහ කළ බව සැඟවිය නොහැක.

රට අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන එම සටන් පෙරමුණේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ නීතියට අනුව බොදුම්වාදී සහ ඉස්ලාම් ආගමික අන්තවාදි බලවේගවලට එරෙහිව බලපෑම් කිරීම සහ අදාළ ගැටුම් නිල ආයතනයක් මඟින් අන්තර්ජාතිකකරණය කිරීම බව ඉතා පැහැදිලිය.

අප විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ රටට එරෙහිව දියත්වන එම කුමන්ත්‍රණය ඉතා බරපතළ බැවිනි.ඊට අමතරව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමද ඉතා බරපතළ තත්ත්වයකී. කරුණු තවදුරටත් විස්තර කෙරේ.”