29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසහන පෙන්නා බලය ගත් ආණ්ඩුවේ බරත් ජනතාවට දරන්න වෙලා

සහන පෙන්නා බලය ගත් ආණ්ඩුවේ බරත් ජනතාවට දරන්න වෙලා

වත්මන් ආණ්ඩුව සහන පෙන්නලා ජනතා බලය ගත්තත් අද ආණ්ඩුවේ බර දරන්න වෙලා තිබෙන්නේ ජනතාවට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා ඊයේ (10) පැවසීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන නිසා මේ ආණ්ඩුවේ ආර්ථික බරත් ජනතාවට දරන්නට සිදුව තිබෙන බව පැවසු ඒ මහතා, ගැසට් ගහලා, මෝල් වටලලා සංදර්ශන දැම්මට හාල් මිල පාලනය කර ගැනීමටවත් ආණ්ඩුවට පුළුවන් වී නැති බවත් කීවේය. තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවට ජනතාවගේ අත්‍යවශ්‍යම දේ වන හාල් මිල පාලනය කරන්නට බැරි නම් ඇති ඵලය කුමක් දැයි හෙතෙම ප්‍රශ්න කළේය. මේ රටේ ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලට තවදුරටත් පැලැස්තර විසඳුම් යොදා වැඩක් නැති බවත් දීර්ඝ කාලයක සිට පවතින මේ ගැටලු විසඳීමට නම් කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ප්‍රතිලාභ බෙදෙන සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදි ආර්ථිකයක් අවශ්‍ය කරන බවත් කීවේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්