31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට බාරදී තිබේ.
 
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ඇත.
 
ඒ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
 
මන්ත්‍රී ධුරයෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ කබ්රාල් මහතා මහබැංකු අධිපති තනතුරට පත්වීමට නියමිතය.