31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙරමුණ ගැනීමේ සටනින් සා. කිට්ස් පිල ජය ගනී

පෙරමුණ ගැනීමේ සටනින් සා. කිට්ස් පිල ජය ගනී

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම සඳහා ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් සහ සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවීස් පැට්‍රියෝට්ස් කණ්ඩායම් අතර, පැවැති තරගයේ ජය සා. කිට්ස් පිල සතු විය.

සා. කිට්ස් පිලේ 6 වැනි ජය වූ මේ සමඟ අවසන් පූර්ව තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ද එම කණ්ඩායමට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ට්‍රින්බැගෝ පිල ලකුණු 159ක් රැස් කළ අතර, ඕවර 14.4කදී සා. කිට්ස් පිල ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එවින් ලුවිස් පන්දු 52කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 11ක් සමග නොදැවී ලකුණු 102ක් රැස් කර ගත්තේය.

තිසරලා යළි පරදිති

තරගාවලියේ 25 වැනි තරගයෙන් තිසර පෙරේරා ක්‍රීඩා කරන බාබඩෝස් රෝයල්ස් පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 14කින් පරාජය කිරීමට සාන්ත ලුසියා කිංග්ස් පිලට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කිංග්ස් පිල දුන් ලකුණු 176ක ඉලක්කය හඹාගිය බාබඩෝස් පිලට ඕවර 19කදී කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 155ක් පමණි. ෆෆ් ඩු ප්ලෙසිස් කිංග්ස් ඉනිමට ලකුණු 84ක් එක් කළේ පන්දු 54කිනි. තිසර පෙරේරා ලකුණු 3යි.