31 C
Colombo
Saturday, May 3, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑන්නත ගත් අයට වඩා නොගත් අය මියයෑම 11 ගුණයකින් වැඩියි

එන්නත ගත් අයට වඩා නොගත් අය මියයෑම 11 ගුණයකින් වැඩියි

රෝහල්ගත වීමේ අවස්ථාව දස ගුණයකින් ඉහළට 
– අමෙරිකාවේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි

එන්නත් නොකළ පුද්ගලයන් හට කොවිඩ් 19 හේතුවෙන් මියයෑමට ඇති සම්භාවිතාව එන්නත් කළ පුද්ගලයන් හා සසඳා බැලීමේ දී 11 ගුණයකින් වැඩි බව අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.

එවැනි පුද්ගලයන් හට කොවිඩ් 19 රෝගය හේතුවෙන් රෝහල් ගතවීමට ඇති අවස්ථාව දස ගුණයකටත් වැඩි බවත් මාස තුනකට වැඩි කාලයක් කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වීම් සහ සිදු වූ මරණ පරීක්‍ෂා කිරීමෙන් මෙය තහවුරු කර ගත් බවත් අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොෂෙල් වැලෙන්ස්කි මහතා ප්‍රකාශ කර තිබේ.

තව දුරටත් සිදු කෙරෙන පරේය්ෂණවලින් මෙහි අවසාන නිගමනය මීටත් වඩා වෙනස් විය හැකි බව ද ඔහු පෙන්වා දී ඇත.

මේ අතර වොෂින්ටන් පෝස්ට් වාර්තා කරන්නේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ගිම්හාන සෘතුවේදී ඩෙල්ටා ප්‍රභේදය වඩා පුළුල් ලෙස පැතිර ගොස් ඇති නමුත් එන්නත් ලබා ගත් පිරිස රෝහල් ගත කිරීම හා මරණයට පත්වීමේ අඩුවීමක් පෙන්නුම් කර ඇති බවයි.

එක්සත් ජනපදයේ ලබා ගත හැකි එන්නත් වන මෝඩර්නා, ෆයිසර්-බයෝඑන්ටෙක්, සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබා ගැනීමෙන් කොවිඩ් -19 වලින් රෝහල් ගත වීම වැළැක්වීම සඳහා සියයට 86ක්ම ඵලදායී වන අතර හදිසි ප්‍රතිකාර ඒකක වෙතයාම හෝ හදිසි ප්‍රතිකාර සඳහා යාම වැළැක්වීම සඳහා සියයට 82ක් ඵලදායී වේ.

සියලු කොවිඩ් එන්නත්වල සුවිශේෂී සාර්ථකත්වයක් තිබියදීත්, එන්නත ලබා ගැනීමට පසුබට වීම මගින් එක්සත් ජනපදය තුළ වෛරසය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, එන්නත් ලබා ගැනීමේදී අමෙරිකානුවන් තවමත් වෙනත් ධනවත් රටවලට වඩා පසුගාමී වන අතර එන්නත් ලබා ගැනීමට සුදුසු අමෙරිකානුවන්ගෙන් මේ වන විට එන්නත් කර ඇත්තේ 52.76 %ක් පමණක් වන අතර එරට තුළ දිනකට එන්නත් කරනු ලබන්නේ 700,000ක් පමණි.