මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට බාරදී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ඇත.
ඒ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
මන්ත්‍රී ධුරයෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ කබ්රාල් මහතා මහබැංකු අධිපති තනතුරට පත්වීමට නියමිතය.