32 C
Colombo
Wednesday, May 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews9/11 ප්‍රහාරයේ විමර්ශන ලිපිගොනු ප්‍රථම වරට හෙළිකරයි

9/11 ප්‍රහාරයේ විමර්ශන ලිපිගොනු ප්‍රථම වරට හෙළිකරයි

2001 වසරේ සැප්තැම්බර් 11වනදා අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන වාර්තා ලිපිගොනු ප්‍රථම වරට හෙළිකර ඇත. අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුව මෙම රහසිගත තොරතුරු හෙළි කර ඇතැයි සදහන් වේ.
 
ඒ අනුව මෙතෙක් අමෙරිකානු රහස් ඔත්තු සේවා හා ත්‍රස්ත විමර්ෂණ අංශ අනාවරණය කර ගත් තොතරුරු සාමාන්‍ය පුද්ගලයින්හට විවෘත වේ.
 
අදාළ ප්‍රහාරය සදහා ගුවන් යානා පැහැර ගත් 19දෙනාගෙන් 15දෙනෙකු ම සෞදි ජාතිකන් බව සදහන්ය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව සෞදි බලධාරීන් දැනුවත්ව සිටි බවට ද චෝදනා එල්ල වී තිබුනි.
 
කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ප්‍රහාරයට පෙර පවත්වා තිබූ සම්බන්ධතා හා සංවාද මගින් ඔවුන් පිළිබඳ තොරතුරු එක් රැස් කර ඇත. එමගින් අනාවරණය වී ඇත්තේ ඔවුන් සෞදි රජයට සම්බන්ධ නැති පුද්ගලයින් බවය. 
 
පිටු 28කින් සමන්විත සම්පූර්ණ වාර්තාවෙන් පිටු 18කින් යුත් සංශෝධිත වාර්තාවක් පමණක් මෙලෙස ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.