31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙක් අධික ලාභ ලබමින් සිටිනවා

මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙක් අධික ලාභ ලබමින් සිටිනවා

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනකු ගොවීන්ගෙන් තුට්ටු දෙකට වී මිලදී ගෙන ඉහළ මිලකට සහල් වෙළෙඳපොළට නිකුත් කර අධික ලාභයක් ගනිමින් සිටින බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“රටේ සහල් හිඟයක් මවා පාමින් ජනතාවට සහල් පරිභෝජනය කිරීමේ අවස්ථාව අහුරමින් සිටිනවා. එම මාෆියාවෙන් ගොවි ජනතාවත්, පාරිභෝගික ජනතාවත් ආරක්ෂා කරගැනීමට රජය හැකි උපරිමයෙන් කටයුතු කරනවා.

මේ මොහොතේ ලෝකයම මුහුණ දී සිටින කොරෝනා වසංගත තත්ත්වයට අප ද මුහුණ දී සිටිනවා. ඒ නිසාම පැන නැඟී ඇති ආර්ථික, සමාජීය, දේශපාලනික, සංවර්ධන ගැටලු බොහෝමයකට එක විට මුහුණ දීමට රජයක් ලෙස අපට සිදුවී තිබෙනවා.

විශේෂයෙන් පාරිභෝගික ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය යොමු කර තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව ද විවිධ වූ ගැටලු රාශියකට මේ මොහොතේ දී මුහුණ දී සිටින බව රජයක් ලෙස අප ඉතා හොඳින් හඳුනාගෙන තිබෙනවා.

එසේ තිබියදී රටේ වී සහ සහල් හිඟයක් ඇති කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනකු කටයුතු කර තිබෙනවා. එනිසා වෙළෙඳපොළේ සහල් මිල අධික ලෙස ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ තත්ත්වය තුළ පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට ලක් වෙනවා. “

නුවන් කොඩිකාර