27.8 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා

නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

කොවිඩ් වසංගතය හමුවේ මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල මිල ඉහළ යන ආකාරයට ආනයන රෙගුලාසි පැනවීමෙන් නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සමගාමීව පැවැත්වෙන පක්ෂ ක්‍රියාකාරී හමුවකට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය දීමට මවුපියන් ඉතා අපහසුවෙන් තම දරුවන්ට ජංගම දුකතන, පරිගණක මිලදී ගෙන දීමට කටයුතු කරන වකවානුවක සන්නිවේදන උපකරණ ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කාණ්ඩයට දමා ආනයන රෙගුලාසි පැනවීමෙන් එම මිල දෙතුන් ගුණයකින් ඉහළ යා හැකියි.

නොමිලේ ටැබ් පරිගණක දරුවන්ට දීමට අප කටයුතු කරද්දී මොවුන් එදා විරුද්ධ වූයේ නිදහස් අධ්‍යාපනය විනාශ කර දුප්පත් දරුවන් තමන්ගේ හෙන්චයියන් කර ගැනීමට බව අද ඔවුන්ගේ වැඩසටහන්වලින් පෙනී යනවා.

රජය පැනවූ ආනයන රෙගුලාසි අනුව මේ සියලු උපකරණවල මිල ඉහළ යනවා. එයින් අසරණභාවයට පත් වන්නේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබන දරුවන්. රජය මැදිහත් වී මෙයට වහාම විසඳුමක් සොයා දිය යුතුයි.

වර්තමානයේ දී සන්නිවේදන උපකරණ, ජංගම දුරකථන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හැටියට සැලකීම තරම් තවත් විහිළුවක් නෑ. ආණ්ඩුව එක පැත්තකින් ඔන්ලයින් අධ්‍යාපනය ගැන කතා කරනවා. “

ශිරෝමි අබයසිංහ