30 C
Colombo
Saturday, October 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ 623ක තැන්පත් මුදල නැංවීමෙන් බරපතළ අර්බුදයකට මුහුණ දෙනවා

භාණ්ඩ 623ක තැන්පත් මුදල නැංවීමෙන් බරපතළ අර්බුදයකට මුහුණ දෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිර්දේශ කරන ලද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක තැන්පත් මුදල ඉහළ දැමීම හේතුවෙන් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම මහජනතාව ද බරපතළ අර්බුදයකට මුහුණ පෑමට නියමිත බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“අදාළ තැන්පතුව හේතුවෙන් එම වටිනාකමට පොලියක් භාණ්ඩවලට ඇතුළත් කෙරෙනවා. එයින් භාණ්ඩ මිල ඉතාම ඉහළ අගයක් ගන්නවා. එම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, කුඩා පරිමාණයේ සහ වෙනත් ආකාරයක ව්‍යාපාර කරගෙන සිටි අති විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළෙන් ඉවතට විසි කර මහා පරිමාණ ව්‍යාපාරිකයන් හතර පස් දෙනකුට පමණක් මේ ව්‍යාපාර සීමා වීමට ඉඩ තිබෙනවා. එපමණක් නොව භාණ්ඩ අධික මිල ගණන්වලට පත් වීමට ඉඩ තිබෙනවා.

රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පවා සැපයීමට නොහැකි අසමත් ආණ්ඩුවක් බව මේ ක්‍රියාවලියෙන් ඔප්පු වෙනවා.”

පහන් විජේසේකර