27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබේ.
 
ඒ සම්බන්ධයෙන් සිය යුටියුබ් නාලිකාව හරහා ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර සිටියේ එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සුදානමින් සිටිය බවත් ඊට අවස්ථාවක් හිමි නොවූ බවයි.
 
මේ සම්බන්ධයෙන් මාලිංග සිදුකර තිබු ප්‍රකාශය ,
 
වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.
 
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.