30 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලජ්ජාවෙන් බේරෙන්න... අද තරගය දිනන්න...

ලජ්ජාවෙන් බේරෙන්න… අද තරගය දිනන්න…

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පස්වරු හතට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී ආරම්භ වෙයි. දෙපිල අතර පැවැති විස්සයි 20 තරග දෙකම දකුණු අප්‍රිකාව ජය ගෙන ඇති හෙයින් අද තරගය ලජ්ජාවෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුතුම තරගයක් බවට පත් වී තිබේ. දෙරට අතර නිමාවූ අන්තර්ජාතික එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන යහපත් මානසික මට්ටමකින් පසු වුවද විස්සයි 20 තරගාවලියේදී ඒ අභිමානය බින්දුවට බිඳ වැටිණි.

ළඟ එන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ද ශ්‍රී ලංකාව සහභාගි විය යුතු බැවින් අද තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වනු ඇත. කෙසේ වෙතත් නිමාවට පත් තරග දෙකේදීම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය මඟ හරවා ගත හොත් දකුණු අප්‍රිකාවට පීඩනයක් එල්ල කිරීම එතරම් අපහසු කාර්යයක් නොවේ. පිකරුවන්ගේ යුතුකම් ඉටු නොවීමෙන් තරග දෙකම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.

කෙසේ වුවද අවසන් තරගයේදී ලකුණු 20කට කඩුලු 3ක් දවා ගෙන තරගයේ වීරයා සම්මානය දිනා ගත් ටබ්‍රයිස් ෂම්සි තරගයෙන් අනතුරුව පැවසුවේ දකුණු අප්‍රිකා ක්‍රිකට් පිල පහත වැටී ඇතැයි පසුගිය කාලයේ විවිධ මත පළ වුවද, බොහෝ දෙනා සිතන තරම් නරක නැති බව නිමා වූ තරග දෙකේදී ඔප්පු කළ බවය. දකුණු අප්‍රිකාව තෙවන වරටත් විස්සයි 20 තරගාවලියක් ජයග්‍රහණය කිරීමෙන් පසු ෂම්සි ඉල්ලා සිටියේ වසර දෙකක යම් යම් පසුබෑම් ඇති වුවද, තම රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මනස දිනා ගැනීමට ජාතික කණ්ඩායම උත්සාහ කරන බැවින් ඉවසීම සහ අවබෝධය දක්වන ලෙසයි.

“අප අඛණ්ඩව තරග මාලාවන් ජයග්‍රහණය කරමින් සිටිනවා. මා හිතන්නේ අපේ කණ්ඩායම සෑහෙන්න හොඳයි,” යනුවෙන් ෂම්සි පැවසීය. “අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ කණ්ඩායම් ගැන හැමෝම කතා කරනවා. දැන් සිටින මේ කණ්ඩායම ඔවුන් හා සමාන බව මගේ හැඟීමයි. අප එතරම් අන්තර්ජාතික ක්‍රිකට් තරග ක්‍රීඩා කර නැති නිසා තව ඉදිරියේදී හොඳ තත්ත්වයන් නිර්මාණය කර ගත හැකියි,” ෂම්සි කියා සිටියේය.

ප්‍රින්ස් ගුණසේකර